top of page

රත්නපුර කළුගඟ බහුකාර්ය යෝජනා ක්‍රමය

Rasindu Shashrika

Faculty of Engineering

University of Peradeniya




ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ශ්‍රීපාද වන රක්ශිත ප්‍රදේශයේ මුහුදු මට්ටමේ සිට මීටර් 2400ක පමණ උසින් පිහිටි ජල උල්පත් වලින් ආරම්භ වන මෙරට ප්‍රධානම ගංගා හතරෙන් එකක් වන කළු ගඟ කිලෝමීටර් 129 ක පමණ දුරක් ගෙවාගෙන වර්ග කිලෝමීටර් 2690ක වපසරියක් පුරා ගලා යමින් රත්නපුර, හොරණ සහ කළුතර යන නගර පසු කරමින් කළුගංතොටින් මුහුදට එක්වෙයි. මෙහි විශේෂත්වය නම් කළුගඟ ආරම්භයේ සිට රත්නපුර නගරයට සම්ප්‍රාප්ත වීම්ට පෙර ඉතා උස් සහ පටු ඉවුරු සහිත නිම්නයක් ඔස්සේ ගලා යාමයි. මෙම හේතුව නිසාම පටු ගංගාවක් වුවද මෙහි ගලා යන ජල ධාරිතාවය අනෙක් ගංගාවන්ට වඩා ඉතා විශාල අගයක් ගෙන ඇත. කළු ගඟ සම්පුර්ණයෙන් තෙත් කලාපයේ පිහිටීමත් මෙයට තවත් හේතුවකි. මේ නිසා ශ්‍රීලංකාවේ වටිනා ජෛව පද්ධතීන් සහ මානව පද්ධතීන් රැසක් පෝෂණය කරන මූලාශ්‍රයක් ලෙස කළුග හැඳින්විය හැකිය. කෙසේ වෙතත් තෙත් කලාපයේ ජල පෝෂක කලාප වලින් පෝෂණය වීම නිස අධික ජල ධාරිතාවයකින් යුක්ත වන කළුගඟ රත්නපුර ආසන්න ප්‍රදේශයේදී ගලා යන්නෙ කිලෝමීටරයට මීටර් 0.15ක් තරම් වන සුළු බැස්මකිනි. එමෙන්ම ඇල්ලගාව ප්‍රදේශයේ පවතින පටු ජල කපොල්ල නිසාද ගඟේ ගමන් මගට තවදුරටත් බාධා සිදුවන අතර මෙම්ගින් රත්නපුර සිට යන ජලය කළුතර දිස්ත්‍රික්කය ට යාමට පෙර සැලකිය යුතු කාලයක් රත්නපුර ප්‍රදේශයේම රැඳී තිබීම සිදුවේ. කළු ගඟේ පෝෂක කලාපය තුළ පිහිටි ප්‍රධානතම නගරය රත්නපුරයයි. මේ නිසාම කළු ගඟේ අධික ජල ධාරිතාවත් එහි නිම්නය පටු වීම නිසාත් සිදුවන ජල ගැලීම් තත්වයන්ගෙන් වාර්ෂිකව අධික ලෙස බල්පෑම් සිදුවන්නේද රත්නපුර නගරයටයි. මේ සඳහා රත්නපුරයේ අධික ලෙස සිදුවන මැණික් පතල් කැණීම්ද බලපා ඇත. ගංගා ජල මට්ටම මීටර් 24.4 කට වැඩි අගයකින් යුත් මහා ජලගැලීම් ලෙස 1913, 1940,1941,1947 සහ 2003 වර්ෂ වල ඇතිවූ ගංවතුර තත්වයන්ගෙන් රත්නපුර ජන්තාවට සිදුවූ ජීව්විත හා දේපළ හානිය අතිමහත්‍ ය. 20003 වසරේ මිලිමීටර් 432.2 ක වර්ෂාපතනය ක් නිසා ඇතිවූ මහා ජලගැලීම් තත්වය නිසා නගරයට සිදුවූ දැවැන්ත පාඩුව රුපියල් මිලියන73ක් යයි ගණනය කර ඇත. මේ ආකාරයට සෑම වර්ෂයකම ඇතිවන ජලගැලීම් තත්ත්ව තුළින් රත්නපුර හා කළුතර දිස්ත්‍රික්ක වලට අධික හානි සිදුවන අයුරු දැකිය හැක. මහවැලි, කැළණි, වලවේ යන අනෙක් සියළුම ප්‍රධාන ගංගාවල පාහේ බහුකාර්‍ය යෝජනා ක්‍රම ආරම්භ වී එමගින් ප්‍රයෝජන ලබාගැනීම සිදුවුණත් කළුගඟේ අතුගංගාවක් වන කුකුලේඟ ආශ්‍රිතව මේ වන විට නිර්මාණය වී ඇති කුකුලගඟ යෝජනා ක්‍රමය හැරෙන්නට වෙනත් මහා පරිමාණ යෝජනා ක්‍රමයක් මෙතෙක් කළුගඟේ නිර්මාණය වී නැත. කෙසේ වෙතත් මේ පිළිබඳව විවිධ වර්ෂ වලදී සිදුව ඇති ශක්‍යතා අධ්‍යනයන්ට අනුව 1.කළු ගං නිම්නයේ ජලගැලීම් පාලනය කිරීම 2.ජල විදුලි උත්පාදනය 3.වියළි කලාපයේ ජල ගැටළුවට් විසඳුම් ලබාදීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා යෝජනා රාශියක් නිර්මාණය වී ඇත. > 1968 නිල්වලා, ගිං කළු ගං නිම්න ඒකාධිපති යෝජනා ක්‍රමය > 1989 කළුගඟ බහුකාර්‍ය යෝජනා ක්‍රමය > 1999 රත්නපුර බහුකාර්‍ය යෝජනා ක්‍රමය 1968 වසරේ සිට සිදුකළ අධ්‍යනයන්ට අනුව මේ වනවිට යෝජනා වී ඇති රත්නපුර බහුකාර්‍ය යෝජනා ක්‍රමය 2016 මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ රත්නපුර සංවර්ධන සැලැස්මටද ඇතුළත් කර ඇත. මෙම යෝජනා ක්‍රමයේ ප්‍රධානතම අංගය ලෙස කළුගඟේ මල්වල වේල්ල සහ ජලාශය හඳුන්වාදිය හැකිය. මෙහිදී රත්නපුරයේ සිට කිලෝමීටර් 3ක් පමණ ඉහල මල්වල ප්‍රදේශයේදී කළුගඟ හරස් කරමින් මීටර් 70ක් දිග වේල්ලක් නිර්මාණය කර එමගින් ජලාශයක් නිර්මාණය කර ජලය එක්‍ රැස් කරගැනීම අරමුණයි. මීට සමගමීව රත් ගඟ සහ බඹරබොටුව ඔය සහ වෙ ගඟේද කුඩා වේලි ඉදිකර එම ජලයද ප්‍රධාන කළුගඟ ජලාශයට එක්කිරීම සිදුවෙයි. අනතුරුව මෙලෙස එක්තු කරගන්නා ජලය උමං මාර්ගයක් ඔස්සේ විදුළි බලාගාරයකට යොමුකර එමගින් මෙගාවොට් 112ක ධාරිතාවයකින් යුත් විදුලිබල යක් නිශ්පාදනය කිරීම අරමුණු වී ඇති අතර අනතුරුව එම ජලය මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ජල අවශ්‍යතා සපුරාලීමට යොදාගැනීමට සැලසුම් කර ඇත. මෙමගින් රත්නපුර නගරයට කිසිඳු හානියක් සිදු නොවන අතර ජනවාස අහිමි වන ජනතාව වෙනුවෙන් නව ජනපත කීපයක්ම බලංගොඩ සහ ඇඹිලිපිටිය ප්‍රදේශ වල ඉදිකෙරෙනු ඇත. මීට අමතරව හානි වන වනාන්තර පද්ධතිය වෙනුවෙන් නව ජාතික වනෝද්‍යානයක්ද ඉදිකීමට සැලසුම් සකස් කර ඇත. කෙසේ වෙතත් පසුව සිදුකර ඇති අධ්‍යනයන්ට අනුව අදාල ප්‍රදේශ වල භූ දිෂමතා ලක්ෂණ නිසා ජලාශයේ ජලය වියළි කලාපයට රැගෙන යාමේ යෝජනාව ප්‍රායෝගික නොවන බවට මතයක්ද ඉදිරිපත් වී ඇත. එසෙ වුවහොත් රත්නපුර යෝජනා ක්‍රමය ගංවතුර පාලනය සහ විදුලිබල නිෂ්පාදනය යන අරමුණු වලට පමණක් සීමා කිරීමට සිදුවේ. තවද කළුගඟ ජලාශය ඉදිකිරීමට යෝජිත මල්වල ප්‍රදේශය අවට කඳු පන්ත වල අස්තාවර භූ විෂමතා ලක්ෂණ නිසා ජලශය නිර්මාණය කළහොත් එම කඳු වල පාෂාණ ස්තරයන්හි ස්ථාවරත්වයට හානි සිදුවිය හැකි බවටද මතයක් පවතී. එමෙන්ම 2006 වසරෙ අවසන් වරට මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සැලසුම් කළ ආස්තාවේ අදාල ප්‍රදේශ වල නිවාස අහිමි වන ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීමට දැමට තීරණය වී පවතී. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්‍ය යෝජනා ක්‍රමය වන මහවැලි යෝජනා ක්‍රමයට පමණක් දෙවනි වන කළුගඟ යෝජනා ක්‍රමය කෙදිනක හෝ සත්‍යක් බවට පත් වී නිකරුණේ මුහුදට ගලා යන කළු ගඟේ ජලයෙන්ද ප්‍රයෝජනයක් ලබා ගැනීම රටට ආර්ථික අතින් අතිශය වැදගත් වනු ඇත. මූලාශ්‍ර :- > PEERSL Oeer project Sri Lanka > Flood management project report for Kelani, Kalu, Gin amd Nilwala revers.


Comentarios


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page