top of page

අලුත් අමුත්තීගෙන් පණිවිඩයක් ( නිසඳැස් )


ree


Sethmini Dileka

Faculty of Arts

University of Colombo


සොහොන්පල්ලෝ

ඇයි මැදියමේ ඇහැරන්

ගෙදරවත් නොයා

නිදි කිරමින්


රකින එක මගෙ වගකීම

ඔය මළවුන්

රාජකාරිය දේවකාරිය

ඒ නිසයි ඉන්නේ මං


"බොරු බොරු"


අනේ දැරිවියෙ මොකද මේ

නීල ඇස් වල කඳුලු පුරවන්


දෙතුන් දොහොකට කලියෙන්

රකුසු වෙස් ඇති පහක් මකරුන්.

පිඹපු ගිනි ජාලාවෙන්

පිච්චුණා මා රුදුරු අයුරින්

හුස්ම නැවතුණි රහසින්



සොහොන්පල්ලෝ අහපන්

දෑස මානෙන් තියාගෙන උඹෙ

පුංචි දෝණිව රැකපන්

වගකීම බල්ලට දමාපන්

මගේ තව මොනවා රකින්නද

දැන් ගෙදර උඹ පලයන්



Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page