top of page

පරිසරය ද ? තාක්ෂණය ද?

Isuru Lakruwan

Faculty of Arts

University of Colombo



මානව ශිෂ්ටාචාර වලට කලින් ලෝකයේ වනාන්තර ඇති විය.කාන්තාර ඇති වූයේ වනාන්තරවලට පසුව ය . Francois- Auguste Rene

විසි එක්වන එක් වන සියවසයේ වන අරණ ආරක්ෂා කරමින් පවත්වාගෙන යාමත් ,මානව අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමත් අතර ඇත්තේ ගැටුමකි. මානව සබඳතාවයන් පරිසරය සමග බැඳී පැවතුන ද, සොබාදහම මානවයාට අනූපමේය මෙහෙවරක යෙදුණ ද, මානවයා පරිසරය සබඳතාවයන්ට ඉටුකරනුයේ කෙබඳු සදාචාරාත්මක සාධාරණයක් ද ? සොබා දහමට දායාද කෙරෙනුයේ කරනුයේ කුමන දර්ශනයක් ද ? දිනෙන් දින හෙක්ටයාර දස දහස් ගණනින් විනාශ වන ,වන අරණ ආරක්ෂා කළ හැකි වේද? විනාශ වූ වන අරණට නව ජීවයක් ලබා දිය හැකි වේද ? ඉතිරිවන වනපෙත සංරක්ෂණය කළ හැකි වේද ? ඉතිරි වන වන වැස්ම සංරක්ෂණයට හා ආරක්ෂණයට කාලය බාධාවක්ද? ලෝකයේ සතුව ඇත්තේ අල්ප මාත්‍ර වූ වන වැස්මකි. නිවර්තන කලාපය පුරා සියුම් වූ බඳ පටියක් ආකාරයෙන් දක්නට ලැබෙන වන වැස්ම තුළ නො දැකිය හැකි ශාක හා සත්ත්ව කොටස් තිබේද? තිබුණේ ද යන්න ගැටළු මාවතක තිර කිරීමකි.වනාන්තර වන්නේ කාන්තාරද?කාන්තාර වනාන්තර විය හැකිද ?යමෙකුට තර්ක කළ හැකිය. දන්නා තරමින් ඇමසන් ඇමර්සන් වනාන්තරයකි. පැටගෝනියාව කාන්තාරයකි.පිළිවෙලින් එකම රටක ය.කොංගෝ වනාන්තරකි.සහරාව කාන්තාරයකි .එකම රටක. විය හැක්කේ කුමක්ද සහරාව කොංගෝවක් වේද ?කොංගෝව සහරාවක් වේද? මේ පිළිබඳව භූගෝල විද්‍යාත්මකව හදාරන්නෙකුට තර්ක විතර්ක රාශියක් ගෙනහැර දැක්විය හැකිය.




ගැටළුවට හේතුව මානවයා හටම පැවරීම සාධාරණ ද? මානවයා කාලීන මානව අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම අරඹයා වෙහෙස වෙයි. විසි එක්වන සියවසේ මානවයා තාක්ෂණික ලොවක තිරසර සංවර්ධනය කරා ගමන් කිරීමට සැලසුම් කරයි.වන වැස්ම එයට බාධා කරන්නේ කුමන ආකාරයටද? කුමන ලෙසකින් බාධා කළ ද වන වැස්ම ඉවත් කිරීමට මානවයා නොපසුබට වෙයි.මානවයා එයට තාක්ෂණය මුසු කරන්නේ විසි එක්වන සියවසේ මූලධර්ම සාධාරණීකරණය කරමිනි.




පරිසර නියතිවාදය තුළින් පරිසරය සුරක්ෂිත කරමින් අනාගත ලෝකයට වන සම්පත දායාද කළ යුතුය. පාරිසරික නියාමනයන් ට අනුව මානවයා කටයුතු කළ යුතුය යන්න විවරණය කරයි. මිනිසාට අවශ්‍ය පරිදි පරිසරය වෙනස් කරනුයේ කවදාද? මිනිසා පරිසර නියමයන්ට යටපත් වේ ද?



පාරිසරික ශක්‍යතාවාදය තුළින් පරිසරය අභිබවා මානව අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පරිසරය සකසා ගත යුතු බවත් ඒ තුළින් සංවර්ධන ඉලක්ක සපුරා ගත හැකි බවත් තාක්ෂණය භාවිතයෙන් පරිසරය මානවයාට අවැසි ලෙස භාවිතා කළ හැකි බවත් විවරණය කරයි. එවිට පරිසරය පරිසරයට අවැසි අවැසි ලෙස ජීවත් වනුයේ කවදාද? පරිසරය මානව නියමයන්ට තාක්ෂණයට යටපත් වේ ද?


"සොබා දහමට ලොවේ අවනත නොවන කිසිවක් නෑ"


පාරිසරික සබඳතා ආරක්ෂා කරගනිමින් ගෝලීය වන අරණ, වනපෙත සුරක්ෂිත මාවතකට පියමන් කරනු දකිනු වස් ඔබට මට කළ හැකි දේ බොහෝය .

සිතමු -හැදෙමු

සුරකීමු .

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page