top of page

ප්‍රේමය!

Chamath Bandara

Faculty of Management And Social Sciences

Cinec Maritime Campus




ප්‍රේමය සංකීර්ණය.ප්‍රේමයට නිශ්චිත නිර්වචනයක් දීමද අපහසුය.මන්ද ප්‍රේමය තමන් ලබන පෞද්ගලික අත්දැකීම් මත මිනිසුන් එයට විවිධාකාර අර්ථකථනයන් දෙන බැවිනි.

ප්‍රේමය යනු පරිත්‍යාගයක්මය.පරිත්‍යාගයකදි ඔබ පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවනා සේම ප්‍රේමයටද එය එකසේ වලංගුය.ප්‍රේමය පාරිශුද්ධ මිනිස් හැගීමකි.ලෝක ධර්මතාවය එසේ වුවද වත්මනේ ප්‍රේමය හීන වූ තැන හෝ ප්‍රේමය අහිමි වූ තැන ප්‍රේම කළ හදවතින්ම අනෙකාට වෛර කරන්නට පෙළඹෙන්නේ ඇයි?

ඒ මක් නිසාද යත්,වත්මනේ බොහෝ මිනිසුන් ප්‍රේම කරනුයේ ප්‍රේමයටම මිස මිනිස් වටිනාකම් වලට නොවන බැවිනි.ලෝ දහමේ "මගේ" කියා කිසිත් නොමැති සේම කිසිවෙකුත් තමා ලගම රැදිය යුතුමය කියා නියමයක්ද මෙලොව නැත.කල ප්‍රේමය පරිත්‍යාගයක් පමණක් නම් සිදුවන්නේ අනෙකාගේ සුභවිවරණය පමණක් පැතීමය.සමාජයක් වශයෙන් අප බලාපොරොත්තු වන ප්‍රේමය එයයි.මුලු මහත් සමාජයටම රැගෙන යා යුතු මනුශ්‍යත්වයද එයයි.යථාර්තය තුළින් ප්‍රේමය නොදුටු කල අපද මිනිස් වටිනාකම් වලට ප්‍රේම නොකරන සමූහයට ඇතුල් වන්නේය.මගේ අදහස එයයි...

ප්‍රේමය පරිත්‍යාගයක් පමණක්ම යැයි කෙනෙකු සිතන්නේ නම් එම මිනිස් හැගීම ශ්‍රේෂ්ට වන්නේද පරාර්ථකාමී වන්නේද එවිටය.කල ප්‍රේමයට ලබා දෙන ඉහළම ගරුත්වයද එයම වන්නේය...

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page