top of page

ලද දෙයින් සතුටු වෙමු

Sethmini Dileka

Faculty of Arts

University of Colombo




බුද්ධ දර්ශනයේ විතරක්ම නෙමෙයි.හැම ආගමකම ඉගැන්වෙන පොදු කාරණයක් තමයි ලද දෙයින් සතුටු වීම.හැබැයි බහුතරයක් මිනිසුන්ට නැත්තෙත් මෙන්න මේ දේම තමයි.මොකද්ද මේ සන්තුස්සකෝ ගුණය කියන්නෙ ⁣එහෙමත් නැත්නම් ලද දෙයින් සතුටු වීම?


අපි නිතරම පුරුදු වෙලා ඉන්නෙ අපිට අහිමි දේවල් ගැනම හිත හිත විස්සෝප වෙන්න.අඬන්න.තැවෙන්න.මනසින් වැටෙන්න.සෘණ සිතිවිලි ආරෝපණය කරගන්න.හැබැයි බොහෝදෙනා යොමු වෙන්නෙ නැහැ තමන් සතුව පවත්නා දේ ගැන සතුටු වෙන්න.පවත්නා දෙයින් සෑහීමට පත්වෙන්න වගේම එතුලින් සාඩම්බරව ජීවිතයේ ඉදරියට යන්න.සොම්නස ජීවිතයට ආ⁣⁣⁣රෝපණය කරගන්න.මෙකී දුර්වලතාවය හින්දම තමයි බහුතරයක් දෙනාට සතුට මෙච්චරම දුර.




හරි, මම ඔබෙන් ඇහුවොත් ඔබට මොනවද නැත්තෙ කියල ඔබ විවිධාකාරයේ පිලිතුරු ලබාදේවී.


*මට ගොඩක් මුදල් නැහැ

*මට යාන වාහන නැහැ

*මට විශාල සුඛෝපබෝගී නිවහනක් නෑ




මෙන්න මේ වගේ පිළිතුරු.මෙතෙක් වේලා ඔබ ඔබව සන්සන්දනය කළේ ඔබට වඩා පොහොසත් අයෙක් සමඟ.ඔබට ඇත්තටම මුදල් තියනවා.ජීවත්වෙන්න නිවසක් තියනව.හැබැයි ඔබේ අන්න අර සැසඳීමේ පුරුද්ද නිසා ඔබට හිස්බවක් දැනෙනවා.හැබැයි ඔබට තරම්වත් මුදල් නැති ජීවත් වෙන්න නිවහනක් වගෙම මූලික පහසුකම් ටිකවත් හරි හැටි නොලැබෙන මිනිස්සු මිලියන ගණනක් මේ ලෝකෙ ඉන්නව කියන එක මතක තියාගන්න.ඒ වගේම කෝටිගණනක් මුදල් තිබිලත් මානසික තෘප්තියකින් තොරව ජීවත්වෙන මිනිස්සුත් දස දහස් ගණනින් ලෝකයේ ජීවත් වෙනව කියලත් මතක් කරගන්න.ඉතිං එ් අය එක්ක සසඳද්දී ඔබ කොච්චරනම් පොහොසත්ද?මොනවද ඇත්තටම ඔබට අඩු?

මේ ගීතය අහල ඇති,

"මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි

පා යුග නැති ඔබ දකින තුරා"


ඉතිං කිසිම විටක තමන් ගැන සෘණාත්මකව සිතන්න එපා.වැදගත්ම කාරණය තමයි තවත් අය සමග තමාව සන්සන්දනය කරමින් තමාව අවතක්සේරු කරගන්නත් එපා.අහිමි දේ ගැන හූල්ලනවට වඩා හිමි දේ ගැන සතුටු වෙන්න පුරුදු වෙන්න.සන්තුස්සකෝ කියන්නෙ අන්න ඒකට.මොකද ජීවිතය අපි හැමෝටම යම් යම් දේවල් තිලිණ කරනවා.වැදගත්ම දේ තමයි තමන් පිළිබඳව තමා තුළ ඇති කරගන්නා තෘප්තිය හා අභිමානය එක්කයි ඕනම මිනිසෙක් සාර්ථකත්වය කරා ළඟා වෙන්නෙ.ඒ නිසා හුරු වෙන්න හිමි දෙයින් තුටු වෙන්නත් අහිමි දේ ගැන කණගාටු නොවෙන්නත් වගේම අරමුණු ළඟා කරගන්න ඔය හැම දෙයක්ම අත්වැලක් කරගන්නත්.එදාට සාර්ථකත්වය කියන්නෙ නිකන්ම අකුරු ටිකක් විතරක් වේවී.





Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page