top of page

සැම විටම ප්‍රතික්ෂේප වන ඇත්ත

Chandupa Jyathri

Faculty of Social Sciences

University of Kalaniya




ඇත්ත ඇත්ත විදියට පිලිගන්න අපි ඇත්තටම අකමැතිද? මෙහෙම ප්‍රශ්නයක් අපිට ලැබුනොත් අපි දෙන උත්තරේ මොකක්ද ? බොහෝ දෙනා කියයි නැ අපි ඇත්ත පිලිගන්න කැමතියි කියලා .ඒත් මං හිතනවා ඒ උත්තරය ඇතුලේ කියාගන්න බැරි බොහෝ දේවල් හැංගුවා කියලා.ඇත්තටම අපි යථාර්ථය පිලිගන්න මෙච්චරටම අකමැති ඇයි? දැස් මිදුම් පටලයකින් වේලාගෙන බොරුවෙන් ජීවත් වෙන්න හදන්නේ ඇයි? ඇත්තටම දෙයක් ඇත්ත කියලා පිලිගන්න අපි කැමති ඒ දේ අපි බලාපොරොත්තු වෙන විදියටම වුනොත් විතරයි .ඔව් ඒ තමයි මිනිස් සිතේ ස්වභාවය .අපි හිතන විදියට ම ඒ දෙය වුනොත් පසිදුරන්ම ප්‍රිති වි එය ඇත්ත කියලා පිලිගන්න අපි සුදානම් .ඒත් ඒ විදියට නොවුනම අපි සිතින් මවා ගත්ත හීන ලෝකේ බොරුවත් එක්ක මුලා වෙලා ව්‍යාජ සතුටක් එක්ක ජිවත් වෙනවා.ඒත් බොරුවකින් සිත සනහා ගන්න ජීවිත කාලෙටම පුලුවන් ද? බැහැ.අපි හිතන දේම හැම වේලාවේම සිදුවෙන්නේ නැහැ.ඒත් ඒ ඇත්ත පිලිගන්න අපි සුදානම් වෙන්න ඕන.නැත්නම් බොරුවෙන් සිත සනහගෙන ඇත්තට බයේ ජීවත් වෙන්න ඕන.විසදුම ඔබ සතුයි.ජිවිතේ විදිනව ද විඳවනවද කියලා තිරණය කරන්නත් ඔබටම බාරයි.පිලිගන්න , අපි පිලිගන්න අකමැති කියලා ප්‍රතික්ෂේප කරන ඒ ඇත්තම තමා කවදා හරි දවසක දිනන්නෙත්.........

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page