කාබනික වගාව මහාපරිමාණයෙන් ලංකාවේ කල හැකිද?
- DEVIATORS
- Jan 16, 2021
- 1 min read

ඔබ අප කවුරුත් දන්නවා ලංකාවේ ඉතිහාසයේ කෘෂිකාර්මික ආර්ථිකයක් තිබූ බව..ඒත් ඒ කාබනික පරිසර හිතකාමී කෘෂිකර්මය අද වෙද්දි වෙනස් වෙලා වාණිජකරණය වූ ලෝකයත් එක්ක ඇයි කලින් තිබ්බ කාබනික කෘෂිකර්මය අදට වලංගු නොවන්නේ.
1.අද වෙද්දි ලංකාවෙ ආහාර සංස්කෘතිය වෙනස් වෙලා කලින් තිබූ ආහාර සංස්කෘතියට වඩා
2.අද වෙද්දි විකල්ප ආහාර ගොඩාක් තියෙනවා ප්‍රධාන ආහාර වේල් වලට.
උදා:-පාන්,රොටී,තෝසේ,ආප්ප,...
3.යැපුම් කෘෂිකර්මය කරන රටක් විදියට කාබනික වගාවක් මගින් ලැබෙන ආදායම අඩුවීම සහ වියදම අධික වීම.ලාභ අඩු වීම.
4.අඩු මිලට බෝග එලවලු පලතුරු ,සහල් තියෙද්දී කාබනිකයි කියල වැඩි මිලට බහුතරයක් මිනිස්සු මිලට ගන්න මැලි වීම
මීට අමතර ගොඩාක් ගැටලු තියෙනවා මේ කාබනික වගාවක් මහා පරිමාණයෙන් කරගෙන යද්දී ඇතිවෙන අස්වැන්න අඩුවීම,ලෙඩරෝග වලට ප්‍රතිකාර විදියට ගන්නා කාබනික දේවල් සුලභ නොවීම සහ අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් නොවීම.
ඒ වගේම තමයි කෘෂිකාර්මික අස්වැන්නක් දීර්ඝකාලීන ව ගබඩා කරන්නට බැරිවීම නිසා නරක් වීමේ ඉඩ වැඩි වීම.මේ කාරණාවට විසඳුම් විදියට තියෙන ආහාර නිපදවීමට වෙනම පිරිවැයක් දැරීමට සිදුවීම සහ ප්‍රමාණවත් ආදායමක් නොලැබී යාම.ප්‍රදානයි.
මේ වගේ කරුණු සලකා බලද්දී තේරුම් යන්න ඕනි අද ලංකාවේ කෘෂි රසායන මාෆියාව මගින් බෝගවලට ලෙඩේ සහ ප්‍රතිකාරය කියන දෙකම එවනව කියන කාරණාව.මේකට විසඳුමක් විදියට අපිට කරන්න පුලුවන් හොඳම දේ තමයි ලංකාවේ නිපදවන බෝග වර්ග භාවිතා කිරීම.එතනදීත් ප්‍රශ්නයක් ඇති වෙනවා ඉල්ලුමට සැපයුම දෙන්න පුලුවන් ද කියන කාරණය.
කෙසේවෙතත් ගෙවතු වගාවන් වලදීනම් 100%ක්ම කාබනික වගාව කරන්න පුලුවන් වගේම කෘෂිකර්මය මගින් යැපෙන්නේ නැති කෙනෙක්ටනම් අවදානමක් නෑ කාබනික වගාව මගින්.මොකද එයාලට ප්‍රධාන ආදායමක් ගන්න ඕන නැහැනෙ කාබනික කෘෂිකර්මය මගින්.ඉතින් අදට කරුණු ටික ප්‍රමාණවත් කියල හිතෙනවා ඔයාලට හිතලා බලන්න.
Comments