හිනැහෙන්න
- DEVIATORS
- Jan 16, 2021
- 1 min read
Chalani Anuradha
Faculty of social science and humanities
University of Rajarata

අදුරු අමාවක රෑක සද රැජින හැඩුවා
දුක කියා ඉකිලුවත් පපුකැනැති කොනිතා
යලි හැරෙන්නට බැරි මගක පියමැන්නා
මහමේරුවක් සේම ඔහු රැදෙයි පැතුවා
හැමදාම කටගොන්නක් බීගෙනම උන්න
ගුටිකන්න බැරි උනත් ඉහිලුවා ගින්න
රෙදිකඩක ගුලිහැහුණු රෝසමල මෙන්න
ගෙපැලෙ තනිකරල මං හිතුවෙ නෑඑන්න
හිනැහෙන්න කාසිගෙන එන්න ලගඉන්න
දුක කියා මොරදුන්න දෑත් මේ බලන්න
හැමදාම මහ රෑට හදවත උඩින්ම
නුඹ ඉන්නවා උදේ පිපුණු කුසුමක්ව
වචන ඇහිදිනව ඇති මගෙ මැණික ඔන්න
අම්මා කියනවා ඇති පින නෑ අහන්න
දුරු රටක හිටියාට මගෙ කුසුම මෙන්න
දෙතනෙ තවම කිරිඑරෙනවා උඹටබොන්න
කාමරේ අදුරු මුල්ලේ රටා පන් මල්ලේ
කදුලුවලටම හේදුනු මගෙ රූපෙ ඇත්තේ
උහුලන්න බැරිතරම් රිදුම් ඇති කුසුමේ
ගුලිකරගනිම් හදට මං එතැනයි ඉන්නෙ
Comments