top of page

ඉදින් රජුනි

Chathuni Jayasekara

Faculty of Management Studies-

Trincomalee Campus Of The Eastern University


මතක රූ රටා නොමැකී නොයන්න.

මතක හඬ සිනා නොඇසී නොයන්න.

මතක ස්පර්ශයන් දැවටී නොයන්න.

ඉදින් නොහැකිනම් පෙර මෙන් හිඳින්න,

එගොඩ බලා ඔබ තරණය කරන්න,


ඔබ යන අතරමග බාධක බිඳින්න,

මෙගොඩ ඉදන් මට හැක නුඹ වෙනුවෙන් යදින්න,

හිතන්නෙපා අතර මඟනම් නවතින්න,

එගොඩට ආවදැයි මාහට දැනෙන්න,

ආ විගසින්,

සතුටින්,

ඉපිලෙමින්,

කෑ මොර දෙන්න,

එවිට හැකියි මසිතට එය දැනගන්න,


ඉදින් රජුනි ,

වරෙකදි සිහි වූ වොත් මෙමව,

කිරිඅම්මාවරු සත්දෙනෙකු කැදවා රජ මාළිගට,

දානයක් දිය හැකිද පින් සලකා

ආතමය සුවවනු පිනිස

මෙමා හට,


ස්වාමීනි ,

ඔබ සෙව්වොතින් මා සිටිදැයි එගොඩේ ... තවම,

නොඑනු එපා මෙගොඩට නම් සොයනු වින,

සතෙකුදු වුවද අවිහිංසාවෙන් දකින ඔබ,

දුටුවෝත් නිසැක දියවී ගිය මා සිරුර,

නොදනිමි කෙලෙස දරාගනිදැයි

ඔබෙ ඔය සිත නිසල,

Comentários


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page