top of page

ගෑස්ට්‍රයිටීස් රෝගය ගැන ඔබ දැනුවත්ද?

J.K.Isuru

Faculty of Medicine

University of Peradeniya


ගෑස්ට්‍රයිටීස් යනු ඇතිවන ආසාදන තත්ත්වයකි.මෙම රෝගය ළමා පරපුර තුළ බහුල වන අතර තරුණ සහ මහලු වයස් කාණ්ඩ තුළ ද දැකගත හැකිය.විවිධ හේතූන් පදනම් කරගෙන ඇතිවන ගෑස්ට්‍රයිටීස් රෝගය කෙටි කාලීනව බලපාන දෛනික රෝගී තත්ත්වයන්ගේ සිට දීර්ඝකාලීනව ආමාශය තුළ සිදුවන අභ්‍යන්තර රුධිර වහනය වීම දක්වා වර්ධනය විය හැකිය. මානව ආහාර මාර්ගයේ පුළුල් ම කොටස වන්නේ ආමාශය යි.ආහාර තාවකාලිකව ගබඩා කිරීමට,ආහාර ජරණය කිරීමට හා සීමිත අවශෝෂණයන් සිදු කිරීමට සැකසී ඇති ආමාශය තුළ ආහාර ජීරණය සිදු වන්නේ අම්ලිත යුෂයන් මගිනි.එය ආමාශීක යුෂ්‍ය ලෙස හැදින්වෙන අතර මෙහි ප්‍රධානතම සංඝටකය වන්නේ හයිඩ්‍රොක්ලෝරීන් අම්ලය යි.(HCl).හයිඩ්‍රොක්ලෝරීන් අම්ලය ආමාශ බිත්තියේ පවතින සුවිශේෂී ග්‍රන්ථි මගින්ම ස්‍රාවය වේ.ආමාශයේ ඇතුළත කුහරය අස්ථාරණය කරමින් අපිච්ඡද සෛල ස්ථරයක් පවතී.එයට පිටතින් ඇති ශ්ලේෂ්මල ස්ථරයක් මගින් ආමාශයිත බිත්තියට ඇතුළතින් ආරක්ෂාව සපයයි.ආමාශයික යුෂය සෘජුව ම වළක්වන්නේ ද කලින් සදහන් කළ ශ්ලේෂ්මල ස්ථරය මගිනි.මෙම ශ්ලේෂ්මල ස්ථරයට හානිවීම ග්‍රෑස්ට්‍රයිටීස් රෝගයට බලපාන ප්‍රධානතම හේතුවයි.මිනිස් ආහාර මාර්ගයේ වාසය කරන H.pylori නම් බැක්ටීරියාව ශ්ලේෂ්මල ස්ථරයට ඇති කරනු ලබයි.සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ පවතින ප්‍රතිශතයකරණ පද්ධතිය මගින් මෙම බැක්ටීරියා ගහණය වර්ධනය වීම පාලනය කරනු ලබන අතර එමගින් ශ්ලේෂ්මල ස්ථරයට ඇතිවන හානියද පාලනය වෙයි.නමුත් කිසියම් හේතුවක් නිසා සිරුරේ ප්‍රතිශතකරණ පද්ධතිය බිද වැටුණහොත් හෝ ප්‍රතිශක්තිය අඩාල වුවහොත් H.pylori බැක්ටීරියා ගහණය වර්ධනය වී ශ්ලේෂ්මල ස්ථරයට හානි සිදු වෙයි.ඉන්පසු ආමාශිත යුෂය ආමාශ බිත්තිය මත ස්පර්ශ වී එය ඛාදනය වී ආසාදනය වීමකට ලක් වී ග්‍රෑස්ට්‍රයිටීස් රෝගය ඇති වේ.මෙම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අඩාල වීමට ඇතැම් ඖෂධ වර්ග,වෛරස් ආසාදන හා දීර්ඝකාලීනව මුහුණදෙන ආතතිය හේතුවෙන් ඇතිවන හෝර්මෝන අසමතුලිතභාවය ආදිය හේතු විය හැකිය.එසේම අධික ලෙස මත්පැන් භාවිතය,ආම්ලික සහ මිරිස් අධික ආහාර වර්ග අධික ප්‍රමාණයෙන් දීර්ඝකාලීනව භාවිතය,අසාමාන්‍ය ලෙස ආමාශික යුෂය ස්‍රාවය වීම ආදී තත්ත්වයන් ද ග්‍රෑස්ට්‍රයිටීස් රෝගය දක්වා වර්ධනය විය හැකිය. ග්‍රෑස්ට්‍රයිටීස් රෝගය මූලික අවධියේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.බොහෝවිට කෙටිකාලීනව ඇතිවන ග්‍රෑස්ට්‍රයිටීස් තතත්ත්වයන් කිසිදු ප්‍රතිකාරයකින් තොරව ඉබේම සුව වෙයි.නමුත් රෝගය උත්සන්න වන විට උදරයේ ඉහළ ප්‍රදේශය වේදනාව,පපුවේ දැවිල්ල,ඔක්කාරය,වමනය ආදී රෝග ලක්ෂණ ඇති විය හැක.ඇතැම්විට ආමාශයික ආසාදන ආමාශ බිත්තියේ ගැඹුරට වර්ධනය වුවහොත් අභ්‍යන්තර රුධිර වහනයන් සිදු වී රක්තහීනතාවය පවා ඇතිවිය හැකිය.රෝගය වළක්වා ගැනීමට හා පාලනය කිරීමට මත්පැන්,දුම්කොළ,අධික උණුසුම් සහ මිරිස් සහිත ආහාර භාවිතයෙන් වැළකීම ආදී සරල පිළිවෙත් අනුගමනය කිරීම ප්‍රමාණවත් වන අතර රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම මගින් රෝගය උත්සන්න වීම වළක්වා සම්පූර්ණයෙන් ම රෝගය පාලනය කළ හැකි වේ.

ReplyForward

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page