top of page

ශරීරයත් මනසත් මොළයත් අතර සමකෝණී ප්‍රේමය....නින්ද......

  • Jan 16, 2021
  • 5 min read

Nilusha Dilrukshi

Faculty of Arts

University of Peradeniya


නින්දත් ශරීරයත් මනසත් අතර ඇත්තේ සැබවින් ම සමකෝණික ප්‍රේම වෘතාන්තයකි.සිරුරට ගුණ දෙන නින්ද බොහෝදෙනෙකුගේ අවධානයට ලක් වන මාතෘකාවක් නම් නොවේ.එසේත් නැත්නම් එයට ඇති අවධානය හිතාමතාම බැහැර කරන මාතෘකාවකි. ඉතින් අපි අධික නින්දකට තිත තියන්නත්;ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නත් නින්ද ගැන මෙන් ම නින්දේ වැදගත්කම ද දැන ගැනීම අත්‍යවශ්‍ය ය.ශරීරයත් මනසත් නින්දත් ගත් විට එහි එක් කොටසක බිඳ වැටීම අනෙකේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. ඒ අනුව "නින්ද යනු,සරලවම මනසට හා ශරීරයට විවේකයක් ලබා දී අනෙක් දිනයේ හිරු උදාවට අපව ප්‍රබෝධමත්ව අවදි කරවීමට විඥානය විසින් ලබා දෙන්නා වූ තාවකාලික විසන්ධිබාවයකි."නින්දේ දී මූලිකවම සිදු වනුයේ අපගේ දැනුවත්භාවය අවම වීමකි;මොළයේ ක්‍රියාකාරිත්වය වෙනස් වීමකි.නින්ද චක්‍රීයව සිදු වන්නා වූ ජෛවීය ක්‍රියාවක් හෙවත් ස්වභාවික සංසිද්ධියකි.මෙමඟින් දිවා කාලයේ අපගේ ශරීරයෙන් හා මනසින් වැය වූ ශක්ති ප්‍රමාණය ක්‍රමවත්ව උද්දීපනය කොට පසුදිනට ප්‍රබෝධවත් බව සහ ක්‍රියාකාරී බව ලබා දීම සිදු කරයි.නින්ද ගත් විට උපතේ සිට මරණය දක්වා ද,බිළිඳාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා ද,කාන්තාවගේ සිට පුරුෂයා දක්වා ද අඩු අවධානය යොමු වනමුත් ඉතා අත්‍යවශ්‍යය කරුණකි.ඒ අනුව නින්දේ ප්‍රමාණය ආසන්න වශයෙන් අපගේ වයස් පිළිවෙල අනුව නිසි ප්‍රමිතිගතව කාණ්ඩ ගත කර ඇත්තේ පහත පරිදි ය.එනම්, *උපතේ සිට මාස 02 දක්වා පැය 12-18ත් *මාස 02 සිට මාස 11 දක්වා පැය 14-15ත් *අවුරුදු 01 සිට 03 දක්වා පැය 12-14ත් *අවුරුදු 03 සිට 05 දක්වා පැය 11-13ත් *අවුරුදු 05 සිට 10 දක්වා පැය 10-11ත් *අවුරුදු 10 සිට 17 දක්වා පැය 08-09ත් සහ *අවුරුදු 17ට වැඩි වයසේ සිට මරණය දක්වා පැය 07-09ත් අතර නින්දක් අවශ්‍ය බවට ලෝක සම්මතව පිළිගෙන ඇත.නමුත් නින්දේ දී අප නින්ද ලබා ගන්නා පැය ගණනට වඩා හුදෙක්ම වැදගත් වනුයේ නින්දෙන් ලබා ගත් ගුණාත්මක භාවය ය. ගුණාත්මක නින්දකට අපට අවශ්‍ය මොනවාදැ යි මීළඟට අපගේ අවධානය යොමු කිරීම වැදගත් ය.ඒවා ද පහත පරිදි පෙළ ගස්වා අවධානයට යොමු කිරීමට අපට පිළිවෙන.විශේෂයෙන් ම අපගේ නිදන ස්ථානය එනම්,නිදන කාමරය ප්‍රමාණවත් උණුසුමකින් යුක්ත විය යුතු ය.එසේ ම ඇද ඇතිරිලි,පොරෝනා,කොට්ට ආදිය ඇසට ප්‍රිය උපදවන ශරීරයට සැහැල්ලුවක් ගෙන දෙන ඒවා වීම අත්‍යවශ්‍යය ය.දීර්ඝ කාලීනව පිරිසිදු නොකට මේවා භාවිත කිරීම ද ගුණාත්මක හා ප්‍රමාණාත්මක නින්දකට බාධා කරවයි.රාත්‍රී නින්දට පෙර සැහැල්ලු ඇඳුමකින් සැරසීම ද ගුණාත්මක නින්දකට බලපායි.රාත්‍රී නින්දට පෙර රාත්‍රී ආහාරයට ඝනකම් දිරවීමට අපහසු ආහාරයක් වෙනුවට සැහැල්ලු ආහාර වට්ටෝරුවක් භාවිත කිරීමත් එය නින්දට ආසන්න කර ලබා ගැනීමෙන් වැළකීම ද ගුණාත්මක නින්දක් අපට ලබා දේ.කැෆේන් අඩංගු පාන වර්ග භාවිතයෙන් වැළකීම,නින්දට වැය විය යුතු කාලය දුරකථනයට,පරිගණකයට වැය නොකිරීමත්,රාත්‍රී නින්දෙන් දීර්ඝ වෙලාවක් පොත්පත් කියවීම ඇසට මෙන් ම ගුණාත්මක නින්දට ද බාධාකාරී වේ.තව ද මනස සුවපත් කරවන මෘදු සංගීතයකට සවන්දීම, උදෑසන හෝ දහවල් කාලයේ යම්තාක් දුරට ශරීරයට ව්‍යායාමයක් ලබා දීම,විශේෂයෙන් ලංකාව වැනි රටක දී පිරිත් ශ්‍රවණයට යොමු වීම,මද උණුසුම් ජලය ස්වල්පයක් පානය කිරීම,මද උණුසුම් ජලයෙන් ශරීරය පිරිසිදු කර ගැනීමත් ගුණාත්මක,සුවපහසු නින්දක් උරුම කර දීමට සමත් ය. අප අවදියෙන් සිටීමේ දී මෙන් ම නින්දේ දී ද අපගේ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරකම් සිදු වේ.මේවා අපට නිරූපණය කරනුයේ විද්‍යුත් තරංග ලෙ⁣සිනි.ඒ අනුව මොළයේ විද්‍යුත් තරංග ප්‍රධාන වශයෙන් අදියර 4ක් හඳුනාගත හැකි ය.බීටා,ඇල්ෆා,තීටා හා ඩෙල්ටා වශයෙනි.මේ මොහොතේ දී අපට ඇති දැනුවත්භාවය හෙවත් අප මේ මොහොතේ දී කරන ක්‍රියාකාරකමට අප දී ඇති අවධානය බීටා තත්ත්වය ලෙසින් හඳුනාගත හැකි ය.බීටා තරම් ක්‍රියාකාරී නොවන මන්දගාමී ස්වභාවය හෙවත් අප යම් ක්‍රියාවකින් මිදී විවේක ගන්නා අවධිය,කල්පනා කරන අවස්ථාව ඇල්ෆා වේ.බීටා,ඇල්ෆාටත් වඩා මන්දගාමී තත්ත්වය තීටා ය.මේ අවස්ථා ගත් විට අප දවල් සිහින දකින තත්ත්වයයි.එනම් නිර්මාණශීලී අදහස් ගලා එන අවස්ථාවයි.එය විද්‍යාඥයින් විසින් තහවුරු කර ඇත්තකි.සාමාන්‍යයෙන් මිනිසුන් අවදි කාලයෙන් 47%ක් පමණ දවල් සිහින දැකීම සිදු කරයි.ගැඹුරු සිහින රහිත නින්දේ දී අපගේ මොළයේ ක්‍රියාකාරී වන විද්‍යුත් තරංගය ඩෙල්ටා ය.මෙලෙස අදියර හතරක් යටතේ අපගේ අවධිභාවය ක්‍රියාත්මක වනවා සේ ම නින්දේ අවධීන් ද හඳුනාගත හැකි ය. ඒ අනුව නින්දේ පළමු අවධිය ගත් විට ඔබ පාසැල් සමයේ නිදහස් කාලච්ඡේදයක ඔබගේ මේසය මත හිස තබා සිටින විට එක්වරම වැටෙන ස්වභාවයක් දැනී ඇතුවාට නිසැක ය.මෙය සැබැවින් ම සාමාන්‍ය තත්ත්වයකි.එය සිදු වන්නේ නින්දේ පළමු අදියරේ දී ය.එනම් එම අවස්ථාවේ දි අප නින්දට පැමිණ ඇත.නමුත් නින්දට සම්පූර්ණයෙන් පිවිසි නැත.මෙහි දී බාහිර පරිසරය සමඟ ඇති සම්බන්ධතා තාවකාලිකව බැහැර කරලීම පමණක් සිදුව ඇත.නින්දත් නොනින්දත් අතර මෙම තත්ත්වය නිදිබර අවධියක් ⁣වන අතර මෙම අවස්ථාවේ දී තීටා තරංග ක්‍රියාකාරී වන අතර මෙය විනාඩි 10ක් පමණ කාල පරාසයක සිදු වන්නකි.මෙම අවස්ථාවේ පහසුවෙන් අවදි විය හැකි ය.මාංශ පේශී ක්‍රියාකාරීත්ය තරමක් අඩු පළමු මට්ටමට වඩා බාහිර දැනීම් අවම තත්ත්වය නින්දේ දෙවන අවධියයි.බොහෝ දුරට තීටා තරංග ක්‍රියාත්මක මෙම අවස්ථාවේ දී නින්ද සාමාන්‍යයෙන් 45%-55%ත් අතර පවති.නමුදු ශබ්දයන්ට සංවේදී වීම හේතුවෙන් නින්දෙන් අවදි වීමට ඇති ඉඩකඩ බොහෝ ය.මෙම අවස්ථාවේ දී අප එදින ලබා ගත් නව තොරතුරු පැරණි තොරතුරු හා ඒකාබද්ධ කිරීමක් සිදු වන බව පර්යේෂණයන් සනාථ කරයි.ගැඹුරු නින්දේ ආරම්භය තෙවනි අවධියයි.නින්දෙන් කියවීම,ඇවිදීම වැනි ක්‍රියා සිදු වන මෙම අවධියේ දී නින්ද සාමාන්‍යයෙන් විනාඩි 30ත් 45ත් අතර ප්‍රමාණයකින් යුක්ත ය.ඩෙල්ටා තරංග ක්‍රියාත්මක මෙම අවධිය නින්දට වැටුණු මිනිසෙකු අවදි කිරීමට අපහසු අවස්ථාවකි.නමුත් ඇතැම් විටෙක නින්දෙන් අවදිවීම ශරීරයට අප්‍රාණවත් ගතියක් ලබා දේ.සිව්වන අවධිය ගත් විට එය තෙවන අවධියේ ම අනු කොටසක් ලෙස ගත හැකි ය.මෙ⁣හි දී බාහිර පරිසරයට දක්වන සංවේදීබව ඉතාමත් අවම ය.මනස සැහැල්ලු වීම,ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ රටාව රිද්මයානුකූල වීම,මාංශ පේශී ලිහිල්ව පැවතිම ආදි තත්ත්වයන් දැකගත හැකි මෙම අවධිය SWS හෙවත් Slow Wave Sleep ලෙසින් හඳුන්වයි.⁣එලෙස ම නින්දේ ප්‍රධාන කොටස් 2ක් හඳුනාගත හැකි ය.එනම් ඉහත අවස්ථා හතරට අයත් වන NREM හෙවත් Non Rapied Eye Movment හා REM හෙවත් Rapied Eye Movment නින්ද ය.REM නින්ද ගත් විට නිදා සිටින පුද්ගලයෙකුගේ ඇස් වේගයෙන් චලනය වීමක් ඇතැම් විට ඔබ දැක ඇත.එය සිදු වන්නේ මේ අවස්ථාවේ ය.එය මේ අවස්ථාවේ පවතින නින්දේ ස්වභාවය වන අතර සිහින දැකීමට විශාල අවස්ථාවක් ඇත්තා සේ ම එම සිහින රූපමය වශයෙන් විචිත්‍රවත් බවකින් යුතු බව ද මෙම නින්දේ සිටින අයෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්ය ද අවදියෙන් සිටින පුද්ගලයෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්යට සමාන බවක් පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.REM නින්දේ සිටින පුද්ගලයෙකු අවදි කිරීම තරමක් අසීරු කටයුත්තකි.වඩාත් දීර්ඝ නින්දක් වන මෙය ශාරීරික වශයෙන් ක්‍රියාකාරී හා චිත්තවේගීය වශයෙන් ආරෝපණය වන්නා වූ චක්‍රීය ක්‍රියාවලියකි.නින්දේ චක්‍රීය ක්‍රියාවලිය ගත් විට එය පුනරාවර්තීයව පැයයි මිනිත්තු 30කට ආසන්න කාලයක් පමණ සිද්ධ වේ.එසේ ම අපගේ තෙවන හා සිව්වන අවධීන්ගේ දී ලබා ගන්නා ගැඹුරු නින්දේ ප්‍රමාණයෙන් මුල් අදියරයන්ට වඩා එහාට ගමන් කිරීමෙන් මෙම චක්‍රීය ක්‍රියාවලිය වැඩිපුර ක්‍රියාත්මක වේ.නින්දේ අවසාන භාගය එනම් අරුණැල්ලේ උදාව වන විට REM නින්දේ කාලය 30%ක් පමණ වේ. ඇතැමෙකුට ආයාසයෙන් ළඟා කර ගත යුතු නින්ද තවකෙකුට ක්ෂණිකව ළඟා වේ.ඒ අනුව නින්ද සම්බන්ධ ආබාධ ද හඳුනාගක හැකි ය.නිද්‍රාලුව ඉන් පළමුවැන්නයි.මෙය ගත් විට තැනැක් නොතැනක් නැතුව,පාලනයකින් තොරව,වැදගත්.කර්තව්‍යයක දී වුව ද ක්ෂණිකව නින්දට වැටීමයි.එය සිදු වන්නේ ඉතා ඉක්මනින් REM නින්දට පත් වීමෙනි. නින්දෙන් ඇවිදීම හා කතා කිරිමේ ආබාධය ගත් විට එය තෙවන හා සිව්වන අවධීන්ගේ දී සිදු වන්නකි.බොහෝ විට සිහින සම්බන්ධ තත්ත්වයක් ලෙස හඳුනාගන්නා කායිකව වන්නා වූ මෙය මොළය විසින් හරියාකාරව හඳුනා නොගැනීමේ තත්ත්වයකි. නිද්‍ර ඇප්නියාව හෙවත් නින්දෙන් පසු හුස්ම ගැනීමේ සංකූලතා ඇති වීමයි.එනම් ශ්වාසනාලය වැසී යාමෙන් මෙය සිදු වේ.ඊට හේතුන් ලෙස අධික තරබාරුව,මොළයේ ක්‍රියාකාරීත්ය අඩපණ වීම හඳුනාගෙන ඇත.මෙය නිසාවෙන් කඩින් කඩ නින්දෙන් අවදිවීම නිසා ශරීරයට මහන්සි,අප්‍රාණවත් ගතියක් දැනේ. අනිද්‍රාව ගත් විට එය නින්ද නොයෑමයි.එනම් නින්දේ චක්‍රීය ක්‍රියාවලිය හරිහැටි ක්‍රියාත්මක නොවීම,කායික හෝ මානසික පීඩාවක් පැවතීම,නින්ද පිළිබඳ ඇති අතෘප්තකර බව ද මීට හේතු වේ.මේ නිසාවෙන් නුරුස්නා බව ඇති වීම,ශක්තිය අවම වීම,පුද්ගල අවධානය අඩු වීම වැනි බිඳ වැටීම් සිදු වේ.2006 වසරේ දී පියර්සන් සහ කණ්ඩායම කරන ලද පර්යේෂණයකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිහිටියන් 5න් 1ක් අයෙකුටම නින්ද නොයෑම හෙවත් අනිද්‍රාව ඇති බවට සොයා ගෙන ඇත. නපුරු සිහින ගත් විට තෙවන හා සිව්වන අවධීන්ගේ හෙවත් ඩෙල්ටා තරංග ක්‍රියාත්මක අවධියේ දී සිදු වන්නකි.බිය,ව්‍යාකූලතා ඇති වීම ශබ්ද නඟා කෑ ගසමින් ඇහැරීම,බිය වී නැඟිටීම වැනි තත්ත්ව මත ඇති වේ.රාත්‍රී ත්‍රාසයන් ගත් විට සියලුම හීනයන් ත්‍රාසයන් නිර්මාණය කරන අතර අනතුරකට ලක් වන සිහින නිතර දැකීම,තමාට හානිදායක සිහින දැකීම මෙම අවස්ථාවේ සිදු වේ.මෙය ආබාධමය තත්ත්වය ලෙසින් හඳුනා ගැනීමට නම් නිරතුරුවම සිදු විය යුතු ය. මේ අනුව ගත් විට නින්ද අපට ඉතාමත් වැදගත් අත්‍යවශ්‍ය දෙයකි.එලෙසින් ගත් විට නින්ද අපගේ භෞතික ක්‍රියාවලියකි.පරිණාමීය ක්‍රියාවලියකි.අප රාත්‍රී කාලයේ දී සතුන්ගෙන් ආරක්ෂා වීමට නම් ආරක්ෂාකාරී ස්ථානයක නින්දක් අවශ්‍ය ය.පැවැත්මට,ශක්ති සංරක්ෂණයට,මොළය,ශරීරය හා මනස යථා තත්ත්වයට පත් කර ගැනීමට,මතකය වැඩි දියුණු කර ගැනීමට,මොළයට තොරතුරු හුවමාරු කරන නියුරෝන හා උපාගම අතර සම්බන්ධය වැඩි දියුණු කිරීමට මෙන් ම ශාරීරික රෝග රැසකින් ආරක්ෂා වීමට ද නින්ද අත්‍යවශ්‍ය ය.ඒ අනුව ගත් කළ නින්ද බැහැර කිරීමට අපට කෙසේවත් කළ නොහැකි ය. සිරුරට ගුණ දෙන මනසට සුව දෙන දිවි මග වැඩි වන නියතව සැතපෙන


Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page