top of page

පුතේ!

Sethmini Dileka

Faculty of Arts

University of Colombo


ree

හද්ද අබලන් වහලෙ පොල් අතු

ඉගිලිලා යයි හුළං කෝඩෙට

සද්ද දීලා වැටුණු බිඳු මැටි පොලොව ⁣

දියකර හැරියෙ වැස්සට

අප්ප උපයන කාසි සේරම සින්න කර

මත් යකුගෙ සාපෙට

ඉද්ද ගැහිලා පුතේ උඹ බැලුවාද

අහසේ හීන ඕසෙට


ශිල්ප දේවාලයක් හින්දයි යැවුවෙ

උඹ පුර තක්සලාවට

අල්ප මතුරක් හිතුවෙ නෑ උඹ

තල්ලුවේවියි මර අපායට

සල්ලි මිනිසත්කමත් සපිරුණ

එකෙකු වේයැයි මවාගත්තට

අල්ලෙ තියලා දුම් අදින කොට

හීන පිච්චුණි ඒ දුමාරෙට

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page