සාගර වලප
- DEVIATORS
- Jan 16, 2021
- 1 min read
Winsitha Wineth
Swarna Jayanthi Central College
Kegalle

දුවේ නුඹ තවමත් ඇති මුහුද යට
මගෙම පෙරැත්තට
උඹ එක්ක ගිය මග
මතක් වෙද්දි ඉහිලුම් නෑනේ ඒ වග
ඇයි දුවේ නුඹව විතරක් කැන්දං ගියේ
රුදුරු රැල්ලට බැරි වුණි ද
මාවත් එක්කහු කරන් යන්නට
නුඹව එක්කන් ගිය දා පටන්
වෙන බැන්දා මම මහා සයුරට
මතු උපදින නුඹේ ආත්මෙක
උඹ වෙයන් මගේ දුව ම ආයේ
මේ ආත්මෙදි ගෙවුණට බැරිවු ණය
ගෙවන්නම් මම නුඹට ආයේ
අනේ මේ හැම සයුරටයි කීවේ
ගිහින් කියපම් දුවට මාගේ
ඇගේ අම්මා ඇයව එනතුරු
බලන් ඉන්නවා සයුර මානේ
Kommentare