top of page

(අ)සම පෙම

Updated: Jan 16, 2021

Chandima Supun

Faculty of Law

University of Colombo



දෑස පොඩිකර බලන බැල්මක

අහඹුවෙන් දුටු අසිරියක්


හැඩට පෙනෙනා හදම බැඳෙනා

අසම සම එක් රූපයක්


මගේ මන බැඳි හදේ ඉඩ මදි

හැඟුම් උතුරන හීනයක්


මුවට ගොළුවන හදට අමතන

කියාගනු බැරි ගීතයක්


මටත් හිමිනැති ඔබත් දන්නැති

අමතක නොවෙනා ප්‍රේමයක්

Comentarios


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page