top of page

අරුමය කීම මේ හිත මත

Imal Sathira Gunathilaka

Fculty of Engineering

University of Ruhuna



කැරකෙනවා රිය සක ලෙස දන්නා හදුනන හද වෙත

නොහැකිය හිත ගැලවීමට දන්නා හදේ තීරණ මත

නොදන්න හේතුව පමණක් ඉතිරිය මැද කඩුල්ල මත

කෙතෙක් නමුත් සිහි වෙනවා අරුමය කීම මේ හිත මත


නොහැකිය සැමවිට පසුපස යාමට නාදුනනා ලෙස

හැක්‌කේ එක වරක් පමණි විමසීමට ඇති අදහස

බාල්දු විය නොහැකිය ඇත ගෞරවයක් පුරෝන හිස

හැකිනම් පෙන්වනු හිත යට සගවන ඔබගේ අදහස

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page