top of page

ආදරණීය ලින්කන් (පද්‍ය)

Updated: Jan 15, 2021

Chandima Supun

Faculty of Law

University of Colombo



ree

ආදරණීය ලින්කන් වෙත,


සන්ගමොන් තෙර ඇවිද යන්නට

අපිට අපි නැති දිනක් ඒවී

නිව් සේලම් නගර වීදියෙ

මතක පමණක් ඉතුරු වේවී


කොන්කෝඩ් වෙත යනෙන තරමට

ඔබ මගෙන් බෝ දුර ඇදේවී

විපර්විල් හඬ ඇසෙන හැමතැන

අපේ මතකය අවධි වේවී


තිරිඟු වපුරා පිඟන් පිසලූ

සතුට විතරක් රැගෙන යාවී

ඕක් සෙවනේ තුරුලු වෙන්නට

ඒබ්, කිසිදා මා නොඒවී

- ඈන්


Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page