උන් හා අපි
- DEVIATORS
- Jan 11, 2021
- 1 min read
Updated: Jan 15, 2021
Chamara Kasun
Faculty of Arts
University of Colombo

උබේ උන් ටික පෙළට අරගෙන
උබත් හරියට කෙළින් යනවා
අපේ පෝළිම අරන් යන්නට
ඉන්නවා උතුමන්ලා දුසිම් ගණනක්
නොන්ඩි ගහමින් ඇදි ඇදි
කක්කුටු ගමනින් යමින් පැද්දි පැද්දි
කියනවා උතුමන්..
පෙළේ උන් ටික
සිරුවෙන් හරි කෙළින් ඉදිරියට යව් කියා
කාලයක් ගෙවි යනවා
අලුත් රජවරු පෙළට එනවා
තවත් අය කියවමින් කාලෙ කනවා
එදා වගෙමයි අදත් එහෙමයි
උතුමන්ලා පුරුදු පරිදිම ඇදි ඇදි යනවා
පැද්දි පැද්දි ඔවුන් පස්සේ
හිතුමතේ යන අපෙ උන් ටික
ගොන් රැළක් බව
කුඹි රජු නම් දන්නවා
Comments