කම්කරුවා
- DEVIATORS
- Jan 11, 2021
- 1 min read
Updated: Jan 15, 2021
Chamara Kasun
Faculty of Arts
University of Colombo

මඩ වැකුණු කඩමාලු ඇඳන් උදේ හවස
වැඩකළේ පඩියටත් වැඩියෙන් මව් රටට
සලකන්නේ නිරිසතුන් ලෙස අපට
වෙන් කළේ මැයි දිනය අපේ නමට
එදින නම් රට දස අත අප ගැනම
දෙසන වැදි බණ මී පැණි වගෙයි කනට
හැමදාම බෙදන සියඹලා මල්ලට
ඉසුරුමත් උනා සිහිනයයෙන් දිනක් වසරට
දිනක් නාවොතින් සේවයට අප සැවොම
බැබළේවි මව් දෙරණ වෙනදටත් වැඩියෙන් එදින
සුවය සුවඳ සොයන අසිරිමත් දන හට
තේරෙවි අපේ අගය හනි හනික
තක්සේරු නම් දුසිම් ගණනින් දිනකට
සිදුකරන මිනිසුන් ඇතත් තරගෙට
ළය පතුලේ සෙනෙහසට එබි බැලුව
කවුරුත් හමුවුනේ නෑ අපට ....
Comments