top of page

ජයවේවා!!!

Updated: Jan 15, 2021

Sampath Bandara

Sivali Central College

Rathnapura





ජයවේවා ..

ජයවේවා ..

ජයවේවා ..


දවසම හෙට්ටු වී තෙහෙට්ටු වී

පහේ කෝච්චියේ ෆුට් බෝඩය මත නැග හිරවෙවී පොඩිවෙවී ගමරට බලා යන රාජ්‍ය සේවකයෙක් ජයපතයි


එලවලු පංගුවක් ගන්න ඉරිදා පොලට යන ගමනත් මර්සිඩීස් බෙන්ස් රියෙන් සැපට සැපේ ඉගිල්ලෙනා එතුමාට එතුමියට


ජයවේවා ..

ජයවේවා ..

ජයවේවා ..


හැමදාමත් සාගින්නේ කලන්තේ හැදිලා වැටෙනා

අලුත් පැන්සලක් ඉල්ලා පොලොවෙ හැපි හැපී අඩනා

වැරහැලි ඇදි පොඩිකොල්ලගේ මාපෙම්බර අම්මා වෙච්ච කසල ශෝධිකාව ජයපතයි


මහජන බදු මුදල් වලින් ලොකු බේබිව එංගලන්තේ

මද්දුමයව ස්විට්සර්ලන්තෙ

පොඩිම එකා ලොකුම කොලේජ් එකට යවපු

එතුමාට එතුමියට


ජයවේවා ..

ජයවේවා ..

ජයවේවා ..


අහෝ නැත්තන් සැවොම ඇත්තන්ටම ජයපතන සසිරිබර මෙසිරිලක තරම් පරාර්ථකාමී සද්ජනයන් වෙසෙනා රටක්


මගේ තනි ඇසට කදුලු උනයි



Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page