top of page

තනි හිතක ආලයක්

Updated: Jan 15, 2021

Sampath Bandara

Sivali Central College

Rathnapura




ඔව්

මං ඉටිපන්දමක්

ගිනි දැල්ලට පිච්චි පිච්චි

ඔබේ ලොවට එලිය බෙද බෙද

ඉන්ට හැකි උසම තැන ඉදන්

මිටිම තැන වෙනකන්

දියවෙලා දියාරු වෙලා වැහැරිලා ගිය

ඔව් තවත් මට නුබට දෙන්නට තරම් එලියක් ඉතුරු නෑ

මෙච්චර කල් ලෝබ නැතුව එලිය දුන්නේ කවදාකහරි දවසක ඔබ මටත් ඉටිපන්දමක් වෙලා මගේ ලෝකයත් එලිය කරයි කියලා හිතාගෙන

ඒත් ඒක හිතලුවක් විතරයි කියලා දැන් මට තේරෙනවා

කමක් නෑ ඔබ යන්න

වේගයෙන් ඉගිලිලා

ඔබ යන්න

ඒත් මගෙ මතකය මට දෙන්න

තවම නිම නෑ තියනවා තව ටිකක් තනියම මවපු තනිකඩ හීනයේ පාට අතුරන්න

Comentarios


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page