top of page

දිනයක අවසානේ

Imal Sathira Gunathilaka

Fculty of Engineering

University of Ruhuna


මන්දාරම් පිනි පොද මත

ආදරයේ උල්පත වන

මා වෙනුවෙන් හිරබත් කන

මගේම පණ අම්මා


කරනා ලද මගේ වරදට

වැරදිකරුවා ඇය වන බව

වලකාලා අගේ මාවත

තීරණ ගත් අම්මා


හැරදාලා ගිය පියාද

නැති වූ අපේ ගේ ඉඩමද

අශීර්වාදය ලෙස ගෙන

විරීය පිරි අම්මා


අද දින නිදහස ලැබුනද

බෙර හඩ රැගුමන් රැගුවද

පොල් බිද ගමනක යෙදුනද

නෑ නිදහස් අම්මා


Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page