top of page

නිදිකුම්බරාවී

Sethmini Dileka

Faculty of Arts

University of Colombo


ree


නටුව පිරි කටු අග පිපී

බඹර නෙතකට නොම ගැටී

විදාහල මත් සුවඳ නැති මල

නුඹයි නිදි කුම්බරාවී


ඉඳ හිටක බැල්මක් පාවෙලා

රහසින් නුඹට විත් ඉඟි කලා

නුඹේ සියුමැලි ගතම විලියෙන්

මලානිකවී හැකිලුණා...


රෝස මානෙල් පිච්ච බිසවුන්

ඔහේ පිපුණාවේ දිලී

මගේ දෙනයන නිවන එක මල

නුඹයි නිදිකුම්බරාවී...


Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page