top of page

පෙම්වතියකගේ ආදරය

Chandima Supun

Faculty of Law

University of Colombo



නින්ද නැති රාත්‍රියක

නින්ද අතරින් එබෙන

ඔබයි නිදි කුමරිය

මා මනස නිදි කරන


දහක් කම් කටොලු මැද

දැවෙන හදවත අසල

ඔබයි සීතල සුළඟ

මා හදට සුව ගෙනෙන


අනන්තය දුටු යුගය

නිමාවක් කරවන්න

ඔබයි මග පෙන්වන්නි

සත් සයුරු ජය ගන්න


දහක් සෙනඟක් අතරෙ

අතරමං වුණු හිතට

ඔබයි සුමිහිරි ඇසුර

දිවිතුරා සිත් ගත්ත


Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page