top of page

පන්දාහා


Sethmini Dileka

Faculty of Arts

University of Colombo



ree



මහත්තයෝ,

මතකද මං සුජාතා

ආදරේ නාමයෙන් විස්වාසෙ තියාගෙන

උඹැහැ එක්කල ආපු සුජාතා

ටවුමෙ මුල්ලක තිබුණු

නැන්සිගේ මඩමට

පන්දාහෙ හිලවුවට විකුණාපු සුජාතා


අවුරුදුම කීයක්ද

හැඩරුවත් වෙනස් දැන්

සුදු රෙද්ද පොරවලා

පන්සලට වෙන්න ඇති

යන්නෙ ඔය

පවුලෙ අය එක්කලා

සුදෝ සුදු මල් වට්ටි අත දරා


නිවන නම් මට බොහෝ දුර ඇති

බලද්දී කරපු පවු එක්කලා

මහත්තය එහෙ ගො⁣හින්

පන්දාහ එවනවද

අඩුතරමෙ යන්න මේ අපායෙන් ගැලවිලා

මේ තිත්ත ජීවිතේ ඇතිවෙලා


Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page