top of page

බාගෙ බෝතලේ

W.A.Madushi Nimanthika

College of Nursing



රැපියල සත එකතු කරන් පෝලිමෙ යනවා

භාගෙ බෝතලේ අරගෙන ගෙදරට එනවා

ළමයි ලපටි ඇස් මානේ එහෙ මෙහෙ යනවා

උගුර උගුර වක් කරගෙන සින්දු කියනවා



ඇයි තාත්තෙ හැමදාමත් මෙහෙම අහනවෙ

පාඩම් වැඩ කරන්න මහ ගොඩක් තියනවා

මේ සද්දෙට මගෙ වැඩ ටික අත පසු වෙනවා

ඒ විතර ද ගමේ උනුන් බැන බැන යනවා


අම්මා කුස්සියෙ ලිප ළඟ වරැව ගෙවනවා

කඩෙ අප්පම් ටික හදලා දවස ගෙවෙනවා

අතට ලැබෙන සොච්චම මහ හුඟක් වටිනවා

හැංඟුවෙ නැත්නම් එ්කත් බෝතල් වෙනවා..

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page