බම්බුවෙ සහෝදරයා ( පද්‍ය)
- DEVIATORS
- Jan 5, 2021
- 1 min read
Updated: Jan 11, 2021

Chandima Supun
Faculty of Law
University of Colombo
ගිනි අව්වේ
කජු බදින
මාවෙතට පැමිණි
බම්බුවේ සහෝදරයා
හිස්කබල ගලවා
මොළය ඉවතට ගෙන
මිටියයි දෑකැත්තයි හොවා
කජු මිටක්වත් නොගෙනම
යන්නට ගියේය.
ටික දිනකට පසු
නූල් බැන්දත්
සනීප නොවෙන තරමට
මගෙන් කජු කෑ මහත්වරු
හීනෙන්විත්
මා නසන්නට විය.
සොය සොයා
කොටන්නට විය.
හිස්කබල නැතිව
මගමග ගමන් ගත්
පැරණි මිතුරෙකු
මගේ මේ අමුතු ලෙඩට
වෙදදුරෙක් රෙකමදාරු කොට
අරගලයට ජයපතා
යන්නට ගියේය.
පසුදින උදෑසන
ලෙඩය ගැන
විස්තර විචාරයක් ද
කල්තියා සූදානම් කොට ,
මිතුරා ලබාදුන් ලිපිනයට ගොස්
මම
දොරට තට්ටුවක් දැම්මෙමි.
අන්දුන් කුන්දුන් වුණෙමි...
බයිනෙත්තු ඩිස්පැන්සරියක
මේස කබලක් ඉදිරිපිට
බම්බුවේ සහෝදරයා
වාඩිවී සිටියේය.
Niyamai