top of page

බඹරකන්ද දියඇලි කුමරිය

Updated: Jan 15, 2021


Rasindu Sashrika

Faculty of Engineering

University of Peradeniya




නොදන්නා ඉසව්වක

ඉපදී සීත කඳු අරණක

විටෙක හඬමින් විටෙක හිනැහෙමින්

පැමිණෙන නිහඬ ගමනේ

කොයි තරම් ලස්සන රහස්

සඟවාගෙන ඇත්ද ඔබ

සිව් මහා නදී දෙටු සොයුරියන්

නිතරම කියනා රස රහස් අතරේ

කොයි තරම් රස කතා

ඔබටත් ඇතිද කියන්නට

ඉර බැසයන සැන්දෑවක

මීදුම් වලවකට මුවාවී

ඔබ හා ආදර වදන් තෙපලන්නට

පෙම්බරෙකු හමුවනතෙක්

හැංගි හැංගී පියනැඟූ ගමනේ

සොඳුරු එක් මංකඩක

රජ කුමරියකවත් සතු

නොවූ තරම් දිගු

ඔබේ මල්වර සේද ගවුමේ

ලා නිල් පාට සිහින් රැල්

සිත්තම් කරයි තෙරක් නොපෙනෙන

සීතල බදුලු කදුවැටිය

එදැක සිතින් ඔබ හා පෙමින් වෙළුණු

සිය ගණන් පෙම්බරුන්ට

ආඩම්බරයෙන් ඉඟි කරමින්...

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page