top of page

මෝඩ නුවර

Kavindu Navod

Faculty of Arts

University of Colombo


ree

ගිනිගත් සිත්බිත් මිනිසුන් වෙතටයී

පොහොසත් කම් නම් රජයන හැඩයයී

ලොව හැම මිනිසා එක ලේ පාටයී

මිනිසත් කම නම් වියැලෙන ලකුණුයි


ලෝකය ගෝලයී මිනිසුන් විවිධයී

එක මව් තලයේ බෙදීම් දෙවිදියයි

ඇති දා හිනැහෙන නරපණු ගහනයි

නැති දා දුක් බොන මනුසත් නුවරයී


පාට ඔපය පිට ඔපේට ලකුණුයී

සුදට පිරුවටම පැසසුම් බෝමැයි

සුදෙන් වසාගත් කුණු ගොඩු දුගදයී

කුණු බව දැනදැන වළදන රෑනයි


සතුට නිවෙන්නට තත්පර ගානයී

දුකක් නිවන්නට සිනහව කදිමයී

එක වගේ හිත් නම් රටටම සාරයී

මේ නුවරේ නම් නැති දේ මේවයී

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page