top of page

මගේ පින්බර යශෝදරා

Buddhi Prabodhani Karunathilaka

Faculty of Law

University of Colombo



චන්ද්‍ර මණ්ඩලයක සතපන්නට නුඹ

වෙහෙස නොවෙමි මම...

කටු යහන අද්දර

සගවන බව දනිමි නුබෙ කදුළු ......

රජ බොජුන් දිව සනසවන්නට

නැති නමුත් කාසියක් යහමින්

නිහඬ නුඹේ දිවිය

සනසයි මගේ දැවුණු සිත.....

ලෝ නිරයේ අග්නි වැහිකෝඩ

හද්වත දවද්දී

සැනසුමක් විය නුඹේ වදනක් මා හට....

නැතත් උරුමය මාළිගාවක

නුඹම වේ යශෝදරාව

මගේ දිවියම එකලු කල...........



Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page