top of page

මට බෑ දෙමළෙන් ලියන්න

Amesh Udayanga

Faculty of Engineering

University of Peradeniya




පිච්ච කැකුළු බැඳි කෙහෙරැළි

ගමන් තාලයට පැද්දෙන

යාල් දේවියෙන් උතුරට එන්න කියනවා

අලි මංකඩ තොට කොණකින්

පපුව ගැහෙන තාල අහන්

ඉර බැස යන අහස බලන් හිඳිමු කියනවා


දීපාවලි හඳ හොරාට

ගිතෙල් පහන් පත්තු කරන්

දේවී එක්ක මහ කෝවිල් එන්න කියනවා

ආසයි දෙවියන් වඳින්න

උබට ඇහැකි කැළණි එන්න

කැඩිච්ච පාළම අලුතෙන් බඳිමු ද දෙන්නා

Opmerkingen


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page