රුපියල හා තෙත හිත
- DEVIATORS
- Jan 11, 2021
- 1 min read
Updated: Jan 15, 2021
Chandima Supun
Faculty of Law
University of Colombo

රුපියලක් වැටුනාම
හිඟාකන බෙලෙක්කෙට
රෑ කෑම හිනාවෙයි
අන්ධ මගෙ දෑස් යට
පාරෙ පේමන්ට් එකෙත්
උණුහුමට නිදන මට
සත්මහල් ප්‍රාසාද
තැනුනාම ඉඩක් නැත
ළයිට් එළි නැතිවාට
ඇට කාසි ගනින්නට
දෙවේලක් මැරෙනවා
රස නහර තෙමන්නට
දුටුවනම දුර බැලෙන
සොබාවට කමා කර
මහත්තුරු නොබැලුවොත්
අදත් හාමතේ මම
හිමිදිරියෙ වහන් වී
දවාලේ සිඟන්නට
සොයන්නේ තෙත හිතක්
තව දිනක් යැපෙන්නට
Comments