top of page

රුපියල හා තෙත හිත

Updated: Jan 15, 2021


Chandima Supun

Faculty of Law

University of Colombo




රුපියලක් වැටුනාම

හිඟාකන බෙලෙක්කෙට

රෑ කෑම හිනාවෙයි

අන්ධ මගෙ දෑස් යට


පාරෙ පේමන්ට් එකෙත්

උණුහුමට නිදන මට

සත්මහල් ප්‍රාසාද

තැනුනාම ඉඩක් නැත


ළයිට් එළි නැතිවාට

ඇට කාසි ගනින්නට

දෙවේලක් මැරෙනවා

රස නහර තෙමන්නට


දුටුවනම දුර බැලෙන

සොබාවට කමා කර

මහත්තුරු නොබැලුවොත්

අදත් හාමතේ මම


හිමිදිරියෙ වහන් වී

දවාලේ සිඟන්නට

සොයන්නේ තෙත හිතක්

තව දිනක් යැපෙන්නට

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page