විප්ලවවාදියාගේ ආදරය
- DEVIATORS
- Jan 16, 2021
- 1 min read
Chandima Supun
Faculty of Law
University of Colombo

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි සිය ජීවිතයේ අවසාන කාලයේ ඇඳක් මතට වී සාහිත්‍යකරණයේ නියැලුණු අසහාය ලේඛකයෙකි. ඔහු විසින් රචනා කළ වානේ පන්නරය ලැබූ හැටි යන කෘතිය සිය ජීවන ගමන අලලා ලියන ලද ස්වයං චරිතාපදානයකි. ඔස්ත්‍රොව්ස්කි විසින් සිය ජීවන ගමනේ ලද ආදරය මගේ රහට
විප්ලවය වෙතට බැඳි පළමු පෙම් කතාවේ
ඉදිරි පියවර අසල දිරිය දුන් ලතාවේ
එකම මග රැඳෙන්නට ඉඩ නොදුන් කතාවේ
" තෝන්යා " නුඹ තුටින් හිඳිනු මැන දයාවේ
ජීවිතේ කටු අතරෙ පිපෙන මල් පොකුරූ
සැඩසුළං හමාවිත් ගසායන අයුරූ
කොයිඅතක රැඳුනත් නොබිඳ පෙම් පවුරූ
"රීතා"ව ඩැහැගත් දෛවයයි රුදුරූ
පරමලක පහස ළඟ නතර වී රඳනා
මගේ පියවර මතම තනිව පිය නගනා
අඳුරු දිවි මඩල වෙත සඳ සිසිල බෙදනා
මා නොදත් මගෙ හදට පෙම් බඳින "තායා"
( "වානේ පන්නරය ලැබූ හැටි" - නිකොලායි ඔස්ත්‍රොව්ස්කි )
Comments