top of page

වාල්මිකී, මං සීතා

Sethmini Dileka

Faculty of Arts

University of Colombo




වාල්මිකී මං සීතා

රාමාගෙ පතිනි සීතා

රාමායණයෙ හරි හැඩට

අපි ගැන ලියල තිබුණා..

සදා පූජිත අමරණීයම

පෙමක් ගැන උඹ කියල තිබුණා

දන්නවද රාම මට

පනින්නට ගින්නටත් කිවුවා..

උඹ එතන දුටුවෙ මගෙ පතිවත වුණාට

මම දැක්කෙ සැකයයි කරපු රාමා

ගින්නට පිච්චුණෙ නැහැ තමයි

ඒත් මගෙ හිතම පිච්චුණා

ආදරණීය රාමා මාව සැක කලා

ඔහුගෙ සීතව සැක කලා..

වාල්මිකී උඹත්

මාව විකුණන් කෑවා

රාමා වීරයෙක් වුණා

උඹ දක්ෂ ලියන්නෙක් වුණා

ඒත් බං මට මාව නැති වුණා

උඹ දන්නවද මන්දෝදරීට

රාවණා මහමෙරක් පෙම් කලා

මම දෑහින්ම දැක්කා

නියතුඩින්වත් මා නොඅල්ලපු

ඔහුට මා ගරු කළා

ඇත්තටම,

උඹ දුෂ්ටයෙක් කරපු රාවණා ළඟ

රාමට වඩා උතුම් ගුණ තිබුණා

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page